| 1815 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාලනය ස්ථාපිත කිරීමේදී රටෙහි ඉඩම් දැරීම, ඉඩම් භාවිතය හා ඉඩම් හිමිකම් රටාවේ වෙනස්කම් ඇතිවිය. රජයට ලබාදෙන ලද සේවාවන් වෙනුවෙන් ඉඩම් වලින් ගෙවීම වෙනුවට මුදලින් ගෙවීම ආදේශ කරන ලදී. කල්යත්ම පහත සදහන් දෑ එනම් -
- කිරීටයේ (රජයේ) ඉඩම් විකිනීම හා බදු දීම
- ඉඩම් ලියාපදිංචි කිරීම
- ඔප්පු සහ සන්නස් ලියාපදිංචි කිරීම
- ඉඩම් නැවත ලබාගැනීම
- මායිම් නිර්නය කිරීම
- ඉඩම්, බෙදා වෙන්කිරීම
- උඩරට ඉඩම් පැවරීම
- බැඳීම් සහ නිරවුල් කිරීම
- ඉඩම් මැනීම සහ
- ඉඩම් අත්පත් කරගැනීම
විධිමත් කිරීම සඳහා කල්යත්ම ව්‍යවස්ථා සම්පාදනය කිරීම ද කරන ලදී.
ආණ්ඩුවේ දේපළ වාර්ෂිකව තක්‌සේරු කිරීම, නාගරික ප්‍රදේශවල නිශ්චල දේපල තක්‌සේරු කිරීම සහ වෙනත් ඉඩම් තක්‌සේරු කිරීම කරගෙන යාම සඳහා 1921 ජූනි මස 01 වන දින පළාත් පාලන මණ්ඩලයක් පිහිටුවන ලදී.
පළාත් පාලන මණ්ඩලය යටතේ ආණ්ඩුවේ තක්‌සේරුකාර තනතුර සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා විධිවිධාන සකස් කල අතර වර්ෂ 1923 දී ආණ්ඩුවේ තක්‌සේරුකාර තනතුරැ ඇතිකරන ලදී
ආණ්ඩුවේ තක්‌සේරුකරැ කිරීටයේ (රජයේ) දේපල තක්‌සේරු කිරීම, බූදල් බදු තක්‌සේරු, ඉඩම් අත්පත් කරගැනීම් සහ ප්‍රාදේශීය බදු සඳහා පළාත් පාලන ආයතන අගය කොට තක්‌සේරු කිරීම් භාරව සිටියේය.
|