|
| |
| අංශ |
තක්‌සේරු කාර්යාංශය
දෙපාර්තමේන්තුව විසින් රජයට සහ අනුබද්ධ ආයතනයන්ට තක්‌සේරුකරණය සහ දේපළ කළමනාකරණය පිළිබඳ සේවාවන් සපයනු ලැබේ. මෙහිදී දෙපාර්තමේන්තුවේ වැඩ කොටස සාමාන්‍ය තක්‌සේරුකරණය සහ ප්‍රමාණාත්මක තක්‌සේරුකරණය වශයෙන් හැඳින්විය හැක.
(අ) සාමාන්‍ය (පොදු) තක්‌සේරුකරණය (ප්‍රාග්ධන අගයට සහ බදු අගයට අදාළ තක්‌සේරු සහ සේවය)
- ඉඩම් අත්පත්කර ගැනීම පනතේ 38 (අ) වගන්තිය යටතේ පොදු කාරණයක් සඳහා අනිවාර්යයෙන් අත්පත්කරගන්නා පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් තත්ත්ව වාර්තා පිළියෙළ කිරීම හා එවැනි ඉඩම් සම්බන්ධයෙන් එකී පනත යටතේ වන්දි ගෙවීම සඳහා, අනතුරැව තක්‌සේරු වාර්තා පිළියෙල කිරීම..
- ඉඩම් අත්පත්කර ගැනීමේ පනත යටතේ අත්පත්කර ගනු ලැබීමට තිබෙන ඉඩම් සම්බන්ධයෙන් අරමුදල් වෙන්කිරීම පිණිස ඇස්තමේන්තු පිළියෙල කිරීම.
- පුද්ගලික ගිවිසුම් යටතේ කරනු ලබන මිළදී ගැනීම් සහ බැහැර කිරීම්, ගණන් තැබීම් සහ බදුදීම් ඇතුළුව නොයෙකුත් කාර්යයන් සඳහා නිශ්චල සහ චංචල දේපළ තක්‌සේරු කිරීම.
- තවද, ව්‍යවස්ථාපිත විධිවිධාන යටතේ යම් තක්‌සේරුවක් කිරීමට ප්‍රධාන තක්‌සේරුකරැට නියමිතව ඇති සහ බලය දී ඇති අවස්ථාවල තක්‌සේරුකිරීම් කරනු ලබන අතර විශේෂ කාර්යයන් සඳහා දේපළ අනිවාර්යයෙන් අත්පත් කරගැනීමට හෝ වෙළඳ අගය ප්‍රකාරව වන්දි ගෙවීම් පිළිබඳව මැදිහත්වී, රජය විසින් දේපල අනිවාර්යයෙන් අත්පත් කරගන්නා අවස්ථාවලදී හෝ ව්‍යවස්ථාවල බලය ප්‍රකාරව රජයට පැවරෙන අවස්ථාවලදී අගය නිශ්චය කිරීම කළයුතු ආකාරය පිළිබඳව යම් සීමාකිරීම් කොන්දේසි සහ අවස්ථාවන් පනවන ලද අනිකුත් පසු ව්‍යවස්ථා පහත දක්වනු ලැබේ.
- 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනත
- 1979 අංක 17 දරණ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පනත
- 1978 අංක 04 දරණ මහ කොළඹ ආර්ථික කොමිසම
- 1946 නගර සහ ග්‍රාම නිර්මාණ ආඥා පනත
- 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය
- 1972 අංක 26 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පනත
- 1968 අංක 15 දරණ (පහත් බිම්) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ පනත
- 1972 අංක 07 දරණ ගෙවල්කුලී පනත සහ 1980 අංක 55 සහ 2002 අංක 26 දරණ එහි සංශෝධන
- 1972 අංක 05 දරණ සමූපකාර සමිති නීතිය
- 1973 අංක 01 දරණ නිවාස දේපළ උපරිම නීතිය
- 1972 අංක 11 දරණ
- 1968 අංක 14 දරණ සංචාරක සංවර්ධන පනත
- වෙරළ සංරක්ෂණ පනත
- 1979 අංක 58 දරණ ගොවිජන සේවා පනත
- 1956 අංක 45 දරණ මාර්ග හා මංමාවත් පනත සහ 1973 අංක 37 දරණ නීතිය
- 1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පනත
- 1958 අංක 11 දරණ වළවේ ඉඩම් පනත
- දෙපාර්තමේන්තුව විසින් පොදු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිසමේ ඉල්ලීම මත පුද්ගලීකරණය කිරීම සඳහා පොදු ව්‍යවසාය තක්‌සේරු කරනු ලබයි.
- කුලියට දීම සඳහා හඳුනාගත් රජයේ සහ රාජ්‍ය අංශයේ ආයතනවල දේපළ සම්බන්ධයෙන් හෝ එවැනි ආයතන වලට තම පරිහරණය සහ පදිංචිය සඳහා පුද්ගලික දේපළ දෙන ලද අවස්ථාවන්වලදී හෝ, රජයට හෝ රාජය අංශයේ ආයතනවලට බදු/කුලී තක්‌සේරු ලබාදීම.
- වන්දි පිළිබඳ ගැටළු අසා තීරණය කරනු ලබන නීති අධිකරණ සහ වෙනත් විවිධ විනිශ්චය සභාවලට විශේෂඥ සාක්ෂි සැපයීම මඟින් දෙපාර්තමේන්තුවට සහය වන අතරම මීට අමතරව කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි දේපළ හැරැනු කොට අනෙකුත් දේපළ සම්බන්ධයෙන් ගෙවල් කුලී මණ්ඩල ඉදිරියේ දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන තක්‌සේරුකරැ නියෝජනය කරනු ලබයි.
- තක්‌සේරු සහ දේපළ කළමනාකරණ ක්ෂේත්‍රය සඳහා උපදේශක සේවා සැපයීම හා වෘත්තීය නිපුනතා ප්‍රවර්ධනය කිරීම.
(ආ) බදු අනු ප්‍රමාණ තක්‌සේරුකිරීම (Rating Valuation)
දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි දේපළ හැරැණුකොට රටෙහි ඇති අනෙකුත් සියළුම පාහේ පළාත් පාලන ආයතන සීමා තුළ පිහිටි දේපළ, බදු අයකර ගැනීමේ කාර්ය සඳහා ඇස්තමේන්තුකිරීම, සහ යලි ඇස්තමේන්තුකිරීම කරන අතරම, (ප්‍රාදේශීය බදු අයකිරීම), අතෘප්තියට පත් බදු ගෙවන්නන්ගේ විරෝධතා තීරණය කිරීමේදී සහය වීමද කරනු ලැබේ.
මෙහිදී තක්‌සේරු කිරීමේ පරමාර්ථය වන්නේ ප්‍රාදේශීය බදු සඳහා පදනම වියයුතු ''වාර්ෂික වටිනාකම'' සඳහා අදාළ ප්‍රඥප්තිවල අර්ථ නිරෑපනය කර ඇති පරිදි සංඛ්‍යාවන් ලබාගැනීම වේ.
වරිපනම් බදු සහ දේපළ බදු අයකිරීම සඳහා බලය ලබාදෙන ව්‍යවස්ථා පහත දැක්වේ.
1947 අංක 29 දරණ මහනගර සභා ආඥා පනතේ -
230 වන වගන්තිය :
මහනරග සභා සීමාව තුළ පිහිටි සෑම විස්තරයකටම අයත් සියළු නිවාස සහ ගොඩනැගිලි ද, කවර ආකාරයේ හෝ වූ, ඉඩම් සහ පේළි ගෙවල් ද ප්‍රාදේශීය බදු සඳහා යටත් වේ.
327 වන වගන්තිය : (''වාර්ෂික වටිනාකම'' යන්නේ අර්ථ නිරෑපනය)
වාර්ෂික වටිනාකම යන්නෙන් කුලී නිවැසියා සියළු පොදු වරිපනම් සහ බදු ගෙවීමට භාරගනී නම් සහ ගෙවල් කුලී ලබාගැනීම සඳහා වූ තත්ත්වයකින් නිවාස, ගොඩනැගිල්ල, ඉඩම හෝ පේළි ගෙය පවත්වාගෙන යාමට අවශ්‍ය රක්ෂණ, අළුත්වැඩියා කිරීම්, නඩත්තු හා පවත්වාගෙන යාමේ ගාස්තු කිසිවක් වෙනත් සේවා ගෙවීමට ඉඩම් හිමියා භාරගනී නම් එවැනි යම් නිවසක්, ගොඩනැගිල්ලක්, ඉඩමක් හෝ පේළි ගෙයක් සඳහා එක් වර්ෂයක් වෙනත් වර්ෂයක් සමඟ සැලකිල්ලට ගනිමින් කුලී නිවැසියෙකුගෙන් යුක්ති සහගතව බලාපොරොත්තු වියහැකි වාර්ෂික ගෙවල් කුලිය අදහස් වේ.
1939 අංක 61 දරණ නගර සභා ආඥා පනත (පූර්වයේ නාගරික දිස්ත්‍රික් සභා)
160 වන වගන්තිය :
නගර සභා සීමාව තුළ පිහිටි යම් නිශ්චල දේපළක් හෝ යම් විශේෂයක නිශ්චල, දේපළ බදු ගෙවීම සඳහා යටතේ වේ.
249 (1) වගන්තිය : '' වාර්ෂික වටිනාකම'' යන්නෙහි '' අර්ථ නිරෑපනය''
වාර්ෂික වටිනාකම යන්නෙන්, කුලී නිවැසියා සියළු පොදු වරිපනම් සහ බදු ගෙවීමට භාරගනී නම් සහ ගෙවල් කුලී ලබාගැනීම සඳහා වූ තත්ත්වයකින් නිවාස, ගොඩනැගිල්ල, ඉඩම හෝ පේළි ගෙය පවත්වාගෙන යාමට අවශ්‍ය රක්ෂණ, අළුත්වැඩියා කිරීම්, නඩත්තු හා පවත්වාගෙන යාමේ ගාස්තු කිසිවක් වෙනත් සේවා ගෙවීමට ඉඩම් හිමියා භාරගනී නම් එවැනි යම් නිවසක්, ගොඩනැගිල්ලක්, ඉඩමක් හෝ පේළි ගෙයක් සඳහා එක් වර්ෂයක් වෙනත් වර්ෂයක් සමඟ සැලකිල්ලට ගනිමින් කුලී නිවැසියෙකුගෙන් යුක්තිසහගතව බලාපොරොත්තු වියහැකි වාර්ෂික ගෙවල් කුලිය අදහස් වේ.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත (පූර්වයේ නගර සභා ආඥා පනත සහ ගම්සභා ආඥා පනත)
134 වන වගන්තිය :
දියුණුකළ ප්‍රදේශ වශයෙන් ප්‍රාදේශීය සභාව විසින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රදේශ ඇතුලත පිහිටියා වූ යම් නිශ්චල දේපළක් හෝ නිශ්චල දේපල වර්ගයක් සහකාර කොමසාරිස්වරයාගේ අනුමැතිය ඇතිව වරිපනම් බද්දකට (ප්‍රාදේශීය බද්දකට) යටත් වන්නේ ය.
226 වන වගන්තිය : (වාර්ෂික වටිනාකම යන්නෙහි අර්ථ නිරැපනය)
වාර්ෂික වටිනාකම යන්නෙහි, කුලී නිවැසියා සියළු පොදු වරිපනම් සහ බදු ගෙවීමට භාරගනී නම් සහ ගෙවල් කුලී ලබාගැනීම සඳහා වූ තත්ත්වයකින් නිවාස, ගොඩනැගිල්ල, ඉඩම හෝ පේළි ගෙය පවත්වාගෙන යාමට අවශ්‍ය රක්ෂණ, අළුත්වැඩියා කිරීම්, නඩත්තු හා පවත්වාගෙන යාමේ ගාස්තු කිසිවක් වෙනත් සේවා ගෙවීමට ඉඩම් හිමියා භාරගනී නම් එවැනි යම් නිවසක්, ගොඩනැගිල්ලක්, ඉඩමක් හෝ පේළි ගෙයක් සඳහා එක් වර්ෂයක් වෙනත් වර්ෂයක් සමඟ සැලකිල්ලට ගනිමින් කුලී නිවැසියෙකුගෙන් යුක්ති සහගතව බලාපොරොත්තු වියහැකි වාර්ෂික ගෙවල් කුලිය අදහස් වේ.
|
නිපුනතා වැඩිදියුණු කිරීමේ මධ්‍යස්ථාන
දෙපාර්තමේන්තු පූර්වයෙන් තිබූ පුහුණු පාසල වෙනුවට වර්ෂ 2006 දී නිපුණතා වර්ධන මධ්‍යස්ථානයක් SDC පිහිටුවන ලදී. ප්‍රධාන මූලික අවශ්‍යතා හඳුනාගැනීමද ජීවිත කාලය තුළ ලද ඉගෙනුම සහ ක්‍රියාකාරකම් ඇගයීම මගින් ශ්‍රම ගෞරවය සුරකීමද, සීමිත භෞතික සහ මානව සම්පත් සංකලනයක් නිර්මාණය කිරීම තුළින් නිපුණතා වර්ධනය කරමින් දැඩි මෙහෙයවීම මඟින් කාර්යක්ෂමතාව ලබාගැනීම ද සඳහා
- අභ්‍යන්තර වැඩසටහන : (අභ්‍යන්තර වෘත්තිකයන් සහ කළමනාකරණ සේවා කණ්ඩායම් සඳහා)
(අ) රැකියාව කරන අතරතුර පුහුණුව සැපයීම
(ආ) විෂය මූලික පුහුණු වැඩසටහන් සහ වැඩමුළු
(ඇ) විභාග මූලික පුහුණු වැඩසටහන් සහ
(ඈ) දැනුම හුවමාරැ කරගැනීමේ වැඩසටහන් සහ වැඩමුළු
- බාහිර වැඩසටහන් :
(අ) ග්‍රාම සේවා නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන්
(ආ) ආදායම් නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන් සහ වැඩමුළු
(ඇ) දේපළ කළමනාකරණය සහ තක්‌සේරුකරණය පිළිබඳ විද්‍යා උපාධිධාරීන් සඳහා උසස් තත්ත්වයේ වැඩසටහන්
(ඈ) වතු කළමනාකරණය සහ තක්‌සේරුකරණය පිළිබඳ විද්‍යා උපාධිධාරීන් සඳහා රැකියා මූලික හැඩගැස්වීමේ වැඩසටහන්
(ඉ) අත්පත් කරගැනීමේ (දේපළ) නිලධාරීන් සඳහා වැඩමුළු සහ පුහුණු වැඩසටහන්
බැංකු කටයුතු, රක්ෂණ සහ නිශ්චල දේපළ කළමනාකරණ අංශ සම්බන්ධව වෙනත් දෙපාර්තමේන්තු සහ ආයතනවල අවශ්‍යතා ඉටුකිරීමේ අටියෙන් ගණුදෙනුකරැවන්ට සරිලන ලෙස පිළියෙල කළ වැඩමුළු සහ පුහුණු වැඩසටහන් කිරීම ගැන සැලකිල්ල යොමුවී තිබේ.
|
සම්බන්ධීකරණය හා පර්යේෂණ අංශය (CORE)
සම්බන්ධීකරණය
- වෘත්තීමය
පහත සඳහන් එනම් :
- රට පුරා විසිර ඇති දේපළ පිළිබඳ විශාල ආයතනවල වටිනාකම තක්‌සේරු කිරීම.,
- කඩිනම් කාර්යක්ෂම සේවාවන් සඳහා, පොදු ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීම පිළිබඳව තක්‌සේරු කිරීම, වැනි මහා පරිමාණයේ තක්‌සේරු කිරීම් සම්බන්ධීකරණය කිරීම.
- සාමාන්‍ය (පොදු)
- දෙපාර්තමේන්තු නියමයන්, දෙපාර්තමේන්තු චක්‍රලේඛ අත්පොත් උපමාන වැනිදේ කෙටුම්පත් කිරීම සහ නිකුත් කිරීම.
- රැකියා විස්තර සහ විනය රීති මාලා ආදිය පිළියෙල කිරීම.
- වාර්ෂික වාර්තා, ව්‍යාපෘති යෝජනා සහ සංකල්ප ලේඛණගත කිරීම වැනි දේ පිළියෙළ කිරීම.
- මාසික නිල පුවත් සහ තක්‌සේරු ජර්නල් සම්බන්ධීකරණය
- කාර්ය ඉටුකිරීම පෙන්නුම් කිරීමේ ක්‍රම සහ කාර්ය සාධන ඇගයීම් සකස් කිරීම.
- මාසික කාර්ය මණ්ඩල රැස්වීම්, අංශ ප්‍රධානීන්ගේ රැස්වීම් ආදිය සම්බන්ධීකරණය කිරීම.
- දෙපාර්තමේන්තුවේ පොදු ලේඛනාගාරය යථාවත් කිරීම සහ මනාව පවත්වාගෙන යාම
- ප්‍රවෘත්ති පත්‍ර සහ කාලීන සඟරා, සැපයීම බෙදාහැරීම සහ කළමනාකරණය කිරීම සහ විදුලි සංදේශන පහසුකම් කළමනාකරණය කිරීම.
- දෙපාර්තමේන්තු නිල ගමන්, රැස්වීම්, සාකච්ඡා ආදිය සංවිධානය කිරීම.
- දෙපාර්තමේන්තු කාර්යක්ෂමතා කඩඉම් විභාග සහ සේවා විභාග සඳහා පහසුකම් සැපයීම සහ ඒවා පැවැත්වීම.
- ප්‍රදර්ශන සඳහා නියෝජන සංවිධානය කිරීම.
- දෙපාර්තමේන්තුවේ තොරතුරැ පිළිබඳව පත්‍රිකා, බ්‍රෝචර්, අත්පත්‍රිකා ආදිය නිර්මාණය කිරීම සහ පිළියෙල කිරීම.
- දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තොරතුරැ තාක්ෂණ අංශය සමඟ එක්ව පවත්වාගෙන යාම.
- පර්යේෂණ
|
තොරතුරු තාක්ෂණය
ප්‍රදේශීය තක්‌සේරුකරැවෙකු ප්‍රධානත්වයෙන් සහ ප්‍රධාන තක්‌සේරුකරැගේ සෘජු පරීක්ෂාවට යටත්ව GIS මූලික පරිගණක විසල් තක්‌සේරු පද්ධතියෙන් (දෙපාර්තමෙන්තුවේ වෘත්තීය සහ පරිපාලන අංශ ආවරණය කරමින්) ඉදිකිරීමට සැලකිල්ල යොමුව ඇත. ආරම්භක පියවරක් වශයෙන් LAN පද්ධතිය, අදහස්කොට ඇති පරිගණක තක්‌සේරු පද්ධතිය ක්‍රියාත්මක කිරීමක් සමඟ, VAN පද්ධතියකට (සියළු කාර්යාල කටයුතු සම්බන්ධ කරමින්) පුළුල් කිරීම සහ වර්ධනය කිරීම අදහස් කොට සම්පූර්ණ කර තිබේ.
ආරම්භක සහ වඩාත් ප්‍රගතියක් පෙන්වන වැඩි දියුණු කිරීම් පහත දැක්වේ.
- පුද්ගලිකව නිලධාරීන්ගේ හැකියාවන් නඟා සිටුවීමද, දෙපාර්තමේන්තුව විසින් කරගෙන යනු ලබන වෘත්තීමය සේවාවල තත්ත්වය සහ ප්‍රමාණය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව උපරිම ලෙස පවත්වාගෙන යාමද සඳහා පුද්ගලිකව නිලධාරීන්ද පොදුවේ මුළු දෙපාර්තමේන්තුව ද සඳහා දෙපාර්තමේන්තුවේ වැඩකටයුතු වල ප්‍රගතිය නිරතුරැ විශ්ලේෂණයට සහ සමාලෝචනයට භාජන කිරීමට ඉඩ සලසන පරිගණක ගතකල ප්‍රගති පාලන පද්ධතියක් (Computeriyde Program Control System) පිහිටුවීම.
- දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ පරිපාලන වලට සහය පිණිස ගාස්තු ගණන් කිරීමේ කැල්කියුලේටර් (tees) (7 Calculator) ආදී පරිගණක ගත කළ උපකරණ සකස්කොට ඇති අතර ක්‍රියාත්මක වෙමින් පවතී.
- විකිණුම් සහ බදු පරීක්ෂා කිරීම් (Sales and Rental Analysis) මූලික තක්‌සේරු පද්ධති වැනි දෙපාර්තමේන්තුවට සේවය සපයන වෘත්තිකයන්ට සහාය වන පරිගණක උපකරණ ද පිළියෙළ කිරීම සඳහා යොදා ගැනීමට පහසු කුඩා පරිගණක පද්ධති ද සාදා ඇති අතර තවමත් පරීක්ෂා කර බැලීමේ අදියරෙහි පවතී. කුඩා අනුප්‍රමාණ කොට ගත් Rating පද්ධතියන් වර්ධනය කොට ඇති අතර නිසි වෙනස් කිරීම් සහිතව සමාලෝචනය කරනු ලබමින් තිබේ.
- ලියවිලි වලින් බැහැර වීමේ සංකල්පය මත, තක්‌සේරුවලට අදාල Multiplion ක්‍රියාත්මක කිරීමේ හැකියාවෙන් යුත් පරිගණක නිපදවා ඇති අතර ඒවායේ කටයුතු දැනට නිමාවෙමින් පවතී.
තොරතුරැ තාක්ෂණ අංශයේ වගකීම් පහත දැක්වේ :
- පරිගණක කරණය සඳහා සුදුසු වටපිටාවකින් සකස් කිරීම
- පරිගණක පිළිබඳ දැනුවත් කිරීම් සඳහා වැඩසටහන් තුළින් කාර්ය මණ්ඩලයට පහසුකම් සැලසීම.
- පරිගණක දැනුම ලබාගැනීම සඳහා කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදීම.
- පරිගණක විසල් තක්‌සේරු පද්ධතියක් නිර්මාණය කර නිපදවීම සඳහා සහාය දීම සහ එය ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම.
- පරිගණක අවශ්‍යතා වටහා ගැනීම, සේවා සැපයීම සහ නඩත්තුව; සහ
- දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම.
|
නීති අංශය
නීති අංශය නීති නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යනු ලබන අතර ඔහුට සහාය වීමට නීතීඥයන් ලෙස සුදුසුකම් ලැබූ සහකාර නීති නිලධාරීහු තිදෙනෙකු සිටිති. ලේඛණ කටයුතු මණ්ලඩයට පත්කරන ලද ලේකම්වරයෙකු විසින් කරගෙන යනු ලබන අතර නීති අංශයේ ප්‍රධාන කාර්ය භාරය වන්නේ 1950 අංක 9 දරණ ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ අනිවාර්ය අත්පත් කරගැනීම් සඳහා ගෙවනු ලැබූ වන්දි ප්‍රමාණයන් පිළිබඳ අතෘප්තියට පත්වූ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා විභාග කිරීම සඳහා එකී පනත යටතේ පිහිටුවන ලද ඉඩම් අත්පත් කරගැනීමේ සමාලෝචන මණ්ඩලයට සහාය වීමයි. තවද රජය වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ තක්‌සේරුකරැවන්ගේ විශේෂඥ සාක්ෂි මෙහෙයවීම ද නීති අංශයේ තවත් කාර්යයකි. (ආණ්ඩුව වෙනුවෙන් දෙපාර්තමෙන්තුව විසින් කරන ලද තක්‌සේරු මත මෙය රඳා පවතී.)
ඉඩම් අත්පත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලයේ සියළු කාර්යයන් එනම්, අභියාචනා භාරගනීම, අභියාචනාකරැවන්ට දැන්වීම නිකුත් කිරීම, නඩු ඇසීම සඳහා නියමිත මණ්ඩල නිශ්චය කිරීම සහ කැඳවීම, මණ්ඩලවල තීරණ අභියාචනා කරැවන්ට දන්වා යැවීම, එකී සමාලෝචන මණ්ඩලවලට යොමුකරන ලද විභාගවලට එරෙහි අභියාචනා සකස් කිරීම සහ භාරගැනීම වැනි සමාලෝචන මණ්ඩලය ඉදිරියේ ඇති අභියාචනා වලට අදාල පරිපාලන වැඩකටයුතු කිරීම නීති අංශයේ කර්තව්‍ය වන්නේය. ඉඩම් අත්පත් කරගැනීමේ සමාලෝචන මණ්ඩලයට සහාය වීමට අමතරව ප්‍රධාන තක්‌සේරු වග උත්තරකරැ ලෙස නම් කොට ඇති, වෙනත් නෛතික අධිකරණවල පවරා තිබෙන නඩු සම්බන්ධයෙන් ලියවිලි සකස් කිරීම වැනි කාරණා පිළිබඳව ප්‍රධාන තක්‌සේරුකරැට සහාය වීමද නීති අංශයේ කාර්යය සහ වගකීම වන්නේය. අභියාචනා කාර්ය පටිපාටින් 1950 ආක 9 දරණ ඉඩම් අත්පත්කර ගැනීමේ පනතේ 19 සිට 29 දක්වා වූ වගන්තිවල දක්වා ඇත. ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ කරන ලද අනිවාර්ය අත්පත්කරගැනීම සඳහා ගෙවනු ලැබූ වන්දි ප්‍රමාණ පිළිබඳ අතෘප්තියට පත් පාර්ශවයන් විසින් ඉදිරිපත් කරනු ලබන අභියාචනා විභාග කිරීම සඳහා 1950 අංක 9 දරණ ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ විධිවිධාන යටතේ ඉඩම් අත්පත් කර ගැනීමේ සමාලෝචන මණ්ඩලයක් පිහිටුවා තිබේ. සභාපතිවරයා විසින් නීතිඥවරැ අටදෙනෙකුගෙන් ද තක්‌සේරුකරැවන් අටදෙනෙකුන් ද වශයෙන් සාමාජිකයන් දහසය දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් අවුරැදු 03 ක කාලයක් සඳහා පත්කළ යුතු අතර සභාපතිවරයා විසින් එක් නීතීඥවරයෙක් සභාපති වශයෙන් ද තවත් කවර හෝ සාමාජිකයකු ද උප සභාපතිවරයා වශයෙන් ද පත්කළ යුතුය.
|
පරිපාලන අංශය
පරිපාලන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පරිපාලන අංශයන් තිබිය යුතුය. ඒ මුළු දෙපාර්තමේන්තුවේම පරිපාලනමය සහ ආයතන කටයුතු පිළිබඳ වගකීම දරණ අතර මේ අංශයේ ප්‍රධාන කාර්යයන් වන්නේ පුද්ගලික ලිපි ගොනු පවත්වාගෙන යාම, සේවකයන් බඳවාගැනීම, ඔවුන් ස්ථිර කිරීම, ඔවුන්ගේ උසස් කිරීම්, මාරැ කිරීම්, වාර්ෂික වැටුප් වර්ධක ගෙවීම්, විනය පාලනය සහ නිවාඩු පිළිබඳ කටයුතු කිරීම්ය.
|
ගිණුම් අංශය
ප්‍රධාන තක්‌සේරුකරැ, මුදල් නියෝග යටතේ, දෙපාර්තමේන්තුව සඳහා ගිණුම් නිලධාරියා වන්නේ ය. ප්‍රධාන තක්‌සේරුකරැගේ අධීක්ෂණය යටතේ ගිණුම් අංශය විසින් ගිණුම් නිලධාරියාගේ සියළු කර්තව්‍යයන් කරගෙන යනු ලබන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ප්‍රධාන ගිණුම් නිලධාරියාට ප්‍රධාන තක්‌සේරුකරැ වග කිව යුතුය.
ඔහුගේ (ගිණුම් නිලධාරියා වශයෙන්) ප්‍රධාන කර්තව්‍යයන් වන්නේ :
- වාර්ෂික අයවැය පිළියෙල කිරීම
- වාර්ෂික අයවැයෙන් වෙන්කරන ලද අරමුදල් වලින් ගෙවීම් කිරීම.
- මුදල් වාර්තා පිළියෙල කිරීම සහ ඉදිරිපත් කිරීම ද, විගණකාධිපති හා, අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ විමසීම්වලට උත්තර සැපයීම; සහ
- සේවා නියුක්තිකයන්ගේ මාසික වේතන ගෙවීම, අත්තිකාරම් මුදල් ගෙවීම සහ ගමන් වියදම් ප්‍රතිපූරණය කිරීම වැනි අන් සියළු මුදල් වලට අදාල කාරණා පිළිබඳ වගකීම.
|
සුබ සාධන සහ පරිශ්‍ර
පරිශ්‍ර නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් යුත් (ගෞරවනීය තනතුරක්) සුභ සාධන සහ පරිශ්‍ර අංශයේ වගකීම වන්නේ -
සුභ සාධනය -
- දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ යහ පැවැත්මට අදාල සියළු ක්‍රියාකාරකම් සොයා බැලීම සහ සම්බන්ධීකරණය කිරීම.
පරිශ්‍ර -
- දෙපාර්තමේන්තුවට අයත් කාර්යාල පරිශ්‍රය හා, සර්කිට් බංගලා, නඩත්තු කිරීම සහ මනා තත්ත්වයෙන් පවත්වාගෙන යාම.
- දෙපාර්තමේන්තුවට කුලියට / බද්දට දෙන ලද ගොඩනැගිලි සම්බන්ධයෙන් වූ නඩත්තු කිරීම සහ මනා තත්ත්වයෙන් පවත්වාගෙන යාම.
- දෙපාර්තමේන්තුවට කුලියට / බද්දට දෙන ලද ගොඩනැගිලි කුලී ගිවිසුම් සහ බදු ගිවිසුම් අලුත් කිරීම.
|
| |
| ඉහලට ^ |
|